ඉන්දියාවේ රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගුයි
(රොයිටර්)
රුපියල් 500 සහ 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝග කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. දූෂණය හා ව්‍යාජ මුදල් භාවිතයෙන් ඉවත් කිරීමේ අරමුණින් ගෙන ඇති එම පියවර ඊයේ (8) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කෙරේ.
ආර්ථිකයේ ප්‍රධාන ධාරාවලින් සැඟව ගිය, ගණන් කිරීම්වලට ලක්නොවුණු ඉන්දීය ආර්ථිකයට හිමිවිය යුතු ඩොලර් බිලියන ගණන් මුදල් නැවත රට තුළට ගෙන ඒමත් ව්‍යාජ මුදල් මුද්‍රණය කරමින් ත්රස්තවාදීන්ට මුදල් සැපයීම නවතා දැමීමත් මෙම පියවර ගැනීමේ ප්‍රධාන අරමුණු යැයි ද වාර්තා විය.
“කළු සල්ලිත් දූෂණයත් දුප්පත්කම තුරන් කිරීමේදී ඉන්දියාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක්” යැයි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා කීවේය. මේ අනුව රුපියල් 500 හා 2000 නාමික නෝට්ටු පසුව නිකුත් කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.