ඉන්දියාවේ දුම්රියක් පීලිපනී 60 ක් මරුට: 150 ක් රෝහලේ
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අද (20) උදෑසන සිදුවුණු දුම්රිය පීලි පැනීමකින් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 150 කට වැඩි යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පීලි පැනීමට ලක් වූයේ පැට්නා සිට ඉන්ඩෝර් නුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී මගී දුම්රියක් බව පැවැසෙයි. පීලි පැනීමෙන් දුම්රිය මැදිරි පොඩි පට්ටම් වී මගීහු ඒවා තුළ සිරවූහ. ඔවුන් බේරා ගැනීම මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණැයි ද වාර්තා වේ. සිරවුණු මගීන් බේරා ගැනීමට බැකෝ යන්ත්‍ර පවා යොදා ගැණින.
තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කළ අතර මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යා හැකි බව උත්තර ප්‍රාන්ත ප්‍රදේශ් බලධාරීහු කියති. දුම්රිය පීලි පැන අනතුරට ලක් වූයේ කන්පූර් පළාතේ යැයි ඉන්දිය දුම්රිය බලධාරීහු පවසති.