ඉන්දියාවට නව හමුදාපතිවරයෙක්



 
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)
නව හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් බිපින් රවාත් පත් කිරීමට ඉන්දීය රජය ඊයේ (17) කටයුතු කළේය.
ලුතිනන් ජනරාල් බිපින් රවාත් සිය නව තනතුරේ වැඩ බාර ගැනීමට නියමිතව ඇත්තේ මෙම දෙසැම්බර් 31 වැනිදා සිට යැයි ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. 
ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින දේශසීමා අර්බුද සම්බන්ධයෙන් සහ පාකිස්තාන බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වන ප්‍රහාර හමුවේ නොසැලී, ඉවසීමෙන් යුතුව තීන්දු තීරණ ගැනීමට හැකි පළපුරුදු හමුදා නිලධාරියකු ලෙස ඉන්දීය මාධ්‍ය ලුතිනන් ජනරාල් බිපින් රවාත් හඳුන්වා දී ඇත.
ජම්මු කාශ්මීරයේ බෙදුමාවාදී අරගල සම්බන්ධයෙන් ලුතිනන් ජනරාල් බිපින් රවාත් 10 වසරක පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු බව ද පැවැසෙයි. 1986 වසරේදී, ඉන්දියාව සහ චීනය අතර දේශසිමා සම්බන්ධයෙන් පැවැති යුද්ධයේදී ලුතිනන් ජනරාල් බිපින් රවාත්, කර්නල්වරයකු ලෙස ක්‍රියාන්විතයට එක් වූ අයකු බව ද සඳහන් වෙයි.

RECOMMEND POSTS