ඉන්දියාවට නව බදු ක්‍රමයක්
(ඉන්දීය මුදල් ඇමති අරූන් ජෙට්ලි)
නව සේවා සහ භාණ්ඩ බද්ද අද (5) සිට ඉන්දියාවේ ක්‍රියාත්මක වෙයි.
නිෂ්පාදනයට අනුව සියයට 5 සිට 28 තෙක් විචලනය වන මෙම බද්ද ඉන්දියාවේ එක් ප්‍රාන්තයකට පමණක් සීමා නොවන බවත් සියලු ප්‍රාන්ත සඳහා බලපැවැත්වෙනු ඇති බවත් ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත.
ඉන්දියාවට බි්රතාන්යයෙන් නිදහස ලැබීමෙන් පසු, සමස්ථ ඉන්දියාවම ආවරණය වන පරිදි බදු සංශෝධනයක් සිදුවුණු පළමු අවස්ථාව මෙය යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
දිළිඳු ජනතාව වෙනුවෙන් පාරිභෝගික භාණ්ඩවලින් අඩකට පමණක් මෙම නව බද්ද ක්‍රියාත්මක වන බව ද ඉන්දීය මුදල් ඇමැති අරුන් ජෙට්ලි පවසා තිබේ.