ඉන්දියාව-රුසියාව යුද අභ්‍යාසයක



ඉන්දියාව සහ රුසියාව එක්ව මෙහෙයවන ඒකාබද්ධ යුද අභ්‍යාසයක් මේ වන විට ඉන්දියාවේදී පැවැත් වෙයි.

ඒ සඳහා දෙරටේ සෙබලුන් දහසක් පමණ එක්ව සිටියි.ඉන්දියානු සහ රුසියානු ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ඉන්ඩ්‍රා 2018 හමුදා පුහුණු අභ්‍යාසය පසුගියදා ආරම්භ කෙරුණු අතර ඉන්දියාවේ උතුරුදිග කලාපයේ පිහිටි ජාන්සි නගරයේදී එය පැවැත්විණි.

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරගැනීම මේ හමුදා අභ්‍යාසයේ අරමුණ විය.අභ්‍යාස සඳහා රුසියානු සෙබලුන් 500ක් සහ ඉන්දියානු සෙබලුන් 250ක් පමණ සහභාගි කර ඇති අතර දෙරට එක්ව ඒ සඳහා වන මූල්‍ය දායකත්වය සපයා තිබේ.

එක්සත් ජාතීන්ගේ ධජය යටතේ ක්‍රියාත්මක ඒකාබද්ධ අභ්‍යාසයේදී කණ්ඩායම් ගොඩනැගීම්, ගෙයින් ගෙට වැටලීමේ මෙහෙයුම්, සාම සාධක මෙහෙයුම් සහ විශේෂ උපක්‍රමික මෙහෙයුම් යන අංශ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.නවීන අවි ආයුධ හදුනාගැනීම සහ භාවිතය ඉගැන්වීමද මෙහිදී සිදුකෙරෙයි.

ඉන්දියාව සහ රුසියාව අතර පවතින හමුදාමය සබදකම් සෝවියට් රුසියාව පැවති සමය දක්වා වන දිගු ඉතිහාසයකට උරුමකම් කියන අතර එවක ඉන්දියාවේ ආරක්ෂක අංශ පුහුණුවීම් සහ අවි මිලදීගැනීම යන සියලු කටයුතු සිදුකෙරුණේ රුසියාවේ අනුදැනුම සහ සහය යටතේයි.

මේ වන විට අමෙරිකාව ඉන්දියාවේ අංක එකේ අවි සැපයුම්කරුවා වුවත් තවමත් ඉන්දියාව සහ රුසියාව අතර දැඩි හමුදාමය සබඳතාවක් පවතියි.

( තිළිණි ද සිල්වා)

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS