ඉන්දියාව කාශ්මීර ත්‍රස්තවාදින් තිදෙනෙකු ඝාතනය කරයි
(ඒ.එෆ්.පී)
පැය හැටකට ආසන්න කාලයක් පැවැති වෙඩි හුවමාරුවකින් පසුව ජම්මු කාශ්මීරයේ පැම්පෝර් නගරයට ඇතුළු වූ ත්රස්තවාදීන් ඝාතනය කිරීමට සමත්වූ බව ඉන්දීය හමුදා ඊයේ (12) පැවැසීය.
ශ්‍රී නගර්වලින් කිලෝමීටර 15ක් දුරින් පිහිටි ඉන්දීය රජයට අයත් ගොඩනැගිල්ලකට ලක්ෂාර් ඊ තයිබා සංවිධානයේ ත්රස්තවාදීන් ඇතුළු වාර්තා වීමත් සමඟ ඉන්දීය හමුදා මෙහෙයුම් ඇරැඹීය. ගොඩනැගිල්ලට ත්රස්තවාදීන් දෙදෙනකු ඇතුළු වූ බවට වාර්තා වූ අතර තෙවැනි ත්‍රස්තවාදියකු ද සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ඉන්දීය හමුදා ප්‍රකාශ කර ඇත.
මෙම ගොඩනැගිල්ලේ ඉන්දීය රජයට අයත් ව්‍යවසාය සංවර්ධන ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර එමඟින් කාශ්මීර තරුණයන්ට වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වා ඇත. කෙසේ වෙතත් කාශ්මීර ගැටුම් ආරම්භ වීමත් සමඟ එම පාඨමාලා නවත්වා ඇත.
මෙම ගොඩනැගිල්ලට පසුගිය පෙබරවාරි මාසයේදීද ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.