ඉතාලි භූමි කම්පාවෙන් 22000ක් අවතැන් වෙලා



මධ්‍යම ඉතාලියේ සිදුවූ භූමිකම්පාවෙන් අවතැන්ව අනාථ කදුවුරුවල සිටින සංඛ්‍යාව 22,000 දක්වා ඉහළ ගොස් ඇත.

ඉතාලියේ සිවිල් ආරක්ෂක එජන්සිය කියා සිටියේ, 15,000කට වඩා වැඩි පිරිසකට අවශ්‍ය නවාතැන් පහසුක්ම සපයාදී ඇති බවයි.

ඊට අමතරව 6000ක් මාචී වෙරළ කලාපයේ ඇති හෝටල් වලද, 700ක් උන්බ්‍රියා වල පිහිටි හෝටල්වලද නවාතැන පහසුකම් සපයාදී ඇත. 

බලධාරීන් ප්‍රකාශකර සිටින්නේ, 100,000කට වැඩි පිරිසක් ඉරිදා සිදුවූ   රික්ටර් පරිමාණයේ ඒකක 6.6 භූමිකම්පාවට ගොදුරුවූ බවයි. මේ හේතුවෙන් ඔවුගේ නිවාස තුල රැදීසිටීමට දැඩි බියකින් පසුවේ. මරණ කිසිවක් වාර්තාවී නොමැත.

දවස් 4කට කලින් සිදුවූ භූමිකම්පා දෙකකින් පසු නගරයේ සියලුම සුන්බුන් ඉවත්කරන ලදී.


RECOMMEND POSTS