ඉතාලි පොලීසිය යුරෝ මිලියන 77ක කොකේන් අල්ලයි



ඉතාලියානු මූල්‍ය පොලිස් ඒකකය මගින් කිලෝ 385ක කොකෙන් තොගයක් අල්ලාගන්නා ලදී.

මෙහි වෙළද වටිනාකම යුරෝ මිලියන 77ක් වේ. මෙම කොකේන් සහිත කන්ටේනර් නැව පැමිණ ඇත්තේ බ්‍රසීලයේ සිටය.  මේ බව ඉතාලියානු මූල්‍ය පොලිස් ඒකකයේ ගාර්ඩියා ඩි පිනැන්සා  කියා සිටියේය.

මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ හොදින් බදින ලද බෑග් තුළ දමා ඒවා නෞකාව අසල කඹයක ආධාරයෙන් පාවෙමින් තිබියදීය.

මෙම කොකේන් පිළිබඳව සොයා බලද්දී ජාවාරම්කරුවන් විසින් ඒවා මුහුදට විසිකර ඇති බවත් පසුව එම විසිකරන ලද කොකේන් මළු දකුණු දිග වරායට පැමිණීමට පෙර ගොඩගත් බවත්  පොලිසිය පැවසුවේය.

අපරාධ කණ්ඩායම් විසින් මෙම ක්‍රමය යොදාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යනු ලබයි. ඔවුන් මෙමගින් බලාපොරොත්තු වන්නේ නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමුකිරීමයි. නමුත් නිලධාරීන්ගේ දැඩි නීරීක්ෂණය නිසා මෙම මත්ද්‍රව්‍ය අල්ලාගැනීමට හැකිවූ බව ගාර්ඩියා ඩි පිනැන්සා තවදුරටත් කියා සිටියේය.

මෙහි සිටි සියලු දෙනා කිරිබති රාජ්‍යයේ  වැසියන් වන අතර ඔවුන් 26-54 වයස්වල පසුවන්නන්වේ. මොවුන් මත්දුව්‍ය ජාවාරම් චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලදී. 


RECOMMEND POSTS