ඉතාලි අගමැති මෙටියෝ රැන්සිට ධුරය අහිමි වෙයි



 (රොයිටර්)

ඉතාලි අගමැති මෙටියෝ රැන්සි විසින් හඳුන්වා දුන් නව  ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන්  ඊයේ(04) ඉතාලියේ ජනමත විචාරණයක් පැවැත්වුණු අතර, අගමැතිවරයා එයින් පරාජයට පත් විය. ඒ අනුව, තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව අගමැති රැන්සි අද(5) පැවැසීය.
නව ප්‍රතිසංස්කරණවලට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ද ඇතුළත් වෙයි. ජනමත විමසුමෙන් පරාජය වුවහොත් තමා වහා ධුරයෙන් ඉල්ලා අස්වන බව රැන්සි පවසා තිබුණි. ජනමත විමසුම පැවැත්වෙද්දී ඉතාලි දේශපාලන විචාරකයක් පෙන්වා දී තිබුණේ ද රැන්සිට අගමැති ධුරය අහිමි වනු ඇති බවය.
“ජනතා තීන්දුවත් සමඟ තවදුරටත් රට ඉදිරියට ගෙනියන්න මට පුළුවන්කමක් නැහැ. මගේ අවසානය මෙසේ සනිටුහන් වෙනවා.” යැයි ධුරයෙන් ඉවත්වන බව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
පෙරේදා පැවැති ජනමත විචාරණයේදී ඉතාලි වැසියෝ සියයට 70 කට වැඩි පිරිසක් ඔවුන්ගේ ඡන්දය භාවිතා කළ අතර බහුතරය ඡන්දය ප්‍රකාශ කළේ ඊට විරෝධය දක්වමිණි.

RECOMMEND POSTS