ඇෆ්ඝනිස්තානු තලේබාන් කැරලිකරුවන්ට තවත් ජයක්
ඇෆ්ඝනිස්තානු තලේබාන් හමුදාව සෙනසුරාදා තවත් අනපේක්ෂිත ප්රහාරයක් එල්ල කරමින් ඊසානදිග ඇෆ්ඝනිස්තානයේ ප්රදේශයක් අල්ලාගත් බව ඒ.එෆ්.පී ප්රවෘත්ති සේවය වාර්තා කරයි. ප්රහාරය එල්ලකර ඇත්තේ සෙනසුරාදා (21දා) ය.
ඛාන් අබාඩ් නගරයට විවිධ දිසාවන්ගෙන් බහුවිධ මාර්ගවලින් එල්ල කරන ලද මෙහෙයුම් නිසා ආරක්ෂක හමුදා පරාජයට පත්වී ඇත.
කැරලිකරුවන්ගේ අනපේක්ෂිත ප්රහාරය හමුවේ රජයේ හමුදාවලට පසුබැසීමට සිදුව ඇත. පැය කිහිපයක සටනින් පසුව කැරලිකාර හමුදා දිස්ත්රික්කය අල්ලා ගත්තේයයි දිස්ත්රික්කයේ ආණ්ඩුකාර හයතුල්ලා අමීරි එ.එෆ්.පී. ප්රවෘත්ති සේවයට පැවසීය.ප්රාදේශීය ප්රකාශකයෙක් සඳහන් කළේ රජයේ හමුදා එම දිස්ත්රික්කය යළි අල්ලා ගැනීම සඳහා සටන් කරන බවයි.
2001 වසරේදී තලේබාන් පාලනය ඇද වැටීමෙන් පසුව ඔවුන් විශිෂ්ඨතම ජයග්රහණයක් ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. එවර ඔවුහු උතුරු ඇෆ්ඝනිස්තානයේ කුන්දුෂ් නගරය අල්ලා ගැනීමට සමත් වූහ. එහෙත් සති කිහිපයකට පසුව රජයේ හමුදා ඇමෙරිකානු ගුවන් ප්රහාරවල සහයෝගය ඇතිව කැරලිකරුවන් පලවා හැරීමට සමත්වූහ.
එයින් පසුව තලේබාන් කැරලිකරුවෝ කුඩා පරිමාණයේ ජයග්රහණ රැසක් අතකර ගැනීමට සමත් වූහ.
ඛාන් අබාඩ් නගරය තලේබාන්වරුන් අතට පත්වීම එයින් කිලෝ මීටර් 30ක් දුරින් පිහිටි කුන්දුෂ් නගරය අල්ලාගෙන සිටින රජයේ හමුදාවන්ට දැඩි පීඩනයක් එල්ල කරනු නොඅනුමානයයි විදේශ ප්රවෘත්ති සේවා පවසයි.