ඇෆ්ඝනිස්තානයේ පොපි මලට හොඳ කලක්
හෙරොයින් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදා ගැනෙන ඇෆ්ගනිස්ථානයේ ඕපියම් හෙවත් පොපි මල් වගාව සියයට 43 කින් වර්ධනය වී ඇති බවත් ,එය අනෙක් වසරවල් හා සැසදීමේදී කැපී පෙනෙන ලෙස ඉහළ යෑමක් බව සංවිධානය පෙන්වා දෙයි.
මේ වසරේදී පමණක් ඇෆ්ගනිස්ථානය අක්කර හාරලක්ෂ අනූ හත්දහසක පොපි වගා කරන බව මත්ද්‍රව්‍ය සහ අපරාධ වැළැක්වීමේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය කියා සිටී. ඒ අනුව එරට මත්ද්‍රව්‍ය භාවිතය සදහා ඇබ්බැහි වූවන්ගේ ඉහළ යෑමක්ද පෙන්නුම් කරන බවද එම කාර්යාලය සදහන් කරයි.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ විශාල ප්‍රදේශයක බලය අත්පත් කරගැනීමත් සමඟ මෙලෙස එහි ඕපියම් වගාව විසි වසරකින් තුන්වන ඉහළම මට්ටමට පැමිණ ඇති බවයි එමඟින් සඳහන් කළේ. ඒ අනුව මේ වසරේ ඇෆ්ගනිස්ථානයේ පොපි නිෂ්පාදනය පසුගිය වසරට වඩා ඉහළ යනු ඇති බව වාර්තාවේ.
( තිළිණි ද සිල්වා )
ද ගාඩියන් ඇසුරෙනි.....