ඇෆ්ඝනිස්තානයේ නේටෝ කඳවුරකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්



 ඇෆ්ගනිස්ථානයේ බැග්රම් හි පිහිටි විශාලතම නේටෝ හමුදා කදවුර තුළ සෙනසුරාදා අළුයම  සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් හමුදා සෙබළුන් 4 දෙනෙකුවත් මියගොස් ඇති බව උසස් හමුදා නිලධාරියෙක්  එන්.බි.සි ප්‍රවෘත්ති සේවයට  කියා සිටියේය.

ඇෆ්ගනිස්ථානයේ නේටෝ මෙහෙයුම් වල නිරත හමුදාව විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව එරට වේලාවෙන් උදෑසන 5.30ට පමණ සිදුවී ඇති මෙම ප්‍රහාරය හේතුවෙන් එම ස්ථානයේ සිටි හමුදා සෙබළුන්  14 දෙනෙකු තුවාල ලබා ඇති බව ඔවුන් සදහන් කරයි.

යුද්ධයෙන් මියගිය ජේෂ්ඨ සෙබළුන් සිහිකිරීම වෙනුවෙන් විනෝදකාමී ධාවනයක් සදහා හමුදා සෙබළුන් එකතුවු ස්ථානයකටය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ..

මෙම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් කවුරුන්ද යන්න තවමත් හදුනාගෙන නොමැත.

මරාගෙන මැරෙන බෝම්බකරු වැඩි හානියක් සිදු කිරීම සදහා මෙම ස්ථානය සහ වේලාව යොදාගෙන ඇති බව එම නිළධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.


RECOMMEND POSTS