ඇෆ්ඝනිස්තානයේ ජර්මන් කොන්සුල් කාර්යාලයට තලේබාන් ප්‍රහාරයක්



 

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට උතුරින් පිහිටි  මසාර්-ඊ-ශරිෆ් හී ජර්මන් කොන්සල් කාර්යාලයට තලේබාන් ත්‍රස්තයින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීෙමන් පුද්ගලයින් සිවි දෙනකු  මිය ගොස්  120 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද වාර්තා වෙයි.

අැමරිකා හමුදාව විසින් කුන්දුස් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලට පිළිතුරක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව තලේබාන් ත්‍රස්තවාදීහු පවසති.

ප්‍රහාරය සම්බන්ධයෙන් නේටෝ සංවිධානය පරික්ෂණයක් ආරම්භ කර ඇත.ප්‍රහාරයෙන් කොන්සාල් කාර්යාලයට දැඩි හානි සිදුව ඇති බවත් නේටෝ නිලධාරීන් සිරව සිටි පිරිස් ඉවත් කළ බවත් එම සංවිධානය කියයි.

ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක තත්ත්වය ෙම්වන විට අවධානමකට ලක්ව ඇති බව බලධාරීහු කියති.ඇෆ්ගනිස්ථානයේ ජර්මන් හමුදා සෙබළු 1000ක් පමණ සිටිති

( තිළිණි ද සිල්වා )

අල් ජසීරා ඇසුරෙනි


RECOMMEND POSTS