ඇෆ්ගන් ජනාධිපති පාකිස්තානයේ සංචාරයක



ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අසල්වැසි පාකිස්තානයට පැමිණ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හමුවිය.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඇෆ්ගන් ජනාධිපතිවරයාට උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ, හමුදා ගෞරව මධ්‍යයේය. දෙදෙනා අතර සාකච්ඡා පැවැත්වූයේ විශේෂ ආරක්ෂාවක් මැද අගමැති නිල නිවසේදීය.

2014 වසරේ ජනපතිවරණයෙන් බලයට පත් වීමෙන් පසු, අෂ්රාෆ් ඝානී පාකිස්තානයට පැමිණි තෙවැනි අවස්ථාව මෙය වන අතර, අගමැති ඉම්රාන් ඛාන් හමුවීමට පැමිණි පළමු අවස්ථාව මෙය වෙයි. ඇෆ්ගන් ජනාධිපති ඝානී මෙලෙස පාකිස්තානයට පැමිණ පාකිස්තාන අගමැති හමුවන්නේ තලේබාන් අර්බුදය විසඳීම සඳහා සාම කතා කෙසේ සිදුවිය යුතුදැයි යන්න සම්බන්ධයෙනි.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් ගැටලුවට සාමකාමී විසඳුමක් සෙවීමේ අරමුණින්, පැවැත්වෙන සාම කතාවලට පාකිස්තානය මැදහත්කරුවෙකු වී කටයුතු කරයි. ඇෆ්ගන් සාම කතා ක්‍රම කිපයකින් පැවැත්වෙයි.

මීට සති කීපයනකට පෙර ඇෆ්ගනිස්තාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, පාකිස්තානයේ සමුළුවක් පවත්වමින් සාකච්ඡා පැවැත්වීය. ඊට තලේබාන් සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් පැමිණ සිටියේය. මීට අමතරව, ඇමෙරිකාව කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහා තලේබාන් සංවිධානය සමඟ සාම කතා පවත්වයි. රුසියාව මැදිහත් වීමෙන් ද සාම කතා පැවැත්වෙයි.

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS