ඇසොව් මුහුදට ප්‍රවේශවීම සුරක්ෂිත කළ යුතුයි



රුසියාව ඇසොව් මුහුදට ප්‍රවේශ වීම සුරක්ෂිත කළ යුතු යැයි ජර්මනියේ යුරෝපීය කටයුතු පිළිබඳ අමාත්‍ය මයිකල් රොත් අද (26) පැවැසීය .

රුසියාව යුක්රේනයට අයත් නාවික යාත්‍රා අල්ලා ගැනීමත් සමඟ ජර්මානු අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“රුසියාව ඊට කැපවී සිටිනවා” යැයි ද ජර්මනියේ ‘ඩච්ලන්ඞ්ෆොන්ක්’ ගුවන් විදුලි සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අමාත්‍ය මයිකල් රොත් ඒ බව කීවේය.

රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකම ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව ද හෙතෙම කීය.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS