ඇලේපෝ ප්‍රහාර ගැන ඇමෙරිකාව රුසියාවට අනතුරු අඟවයි.



 ඇලෙප්පෝ නගරයට රුසියාව විසින් දිගින් දිගටම එල්ල කරනු ලබන ප්‍රහාර සම්බන්ධව වොෂින්ටනය මොස්කව් පාලනයට අනතුරු අගවා සිටින බව රොයිටර් ප්‍රවෘත්ති සේවය පවසයි.

මේ අතර ඇලෙප්පෝ නගරයේ රෝහලට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙම සාහසික ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු සමාවක් දිය නොහැකි බවත් එක්සත් ජනපද ආරක්ෂක උපදේශක සුසාන් රයිස් කියා සිටියේය.

මෙම ප්‍රහාර නතර කිරීම සඳහා  හවුල්කරුවකු වශයෙන් මැදිහත් වන බවත්, මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා නතර කරන ලෙසත්, සිරියානු ජනතාවට මානුෂික ආධාර ලබාදීමට මාර්ගයන් විවෘත කරදෙන ලෙසටත්  සුසාන් රයිස් වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියාය.

 

(ජානක ප්‍රියදර්ශන ජයතිලක)


RECOMMEND POSTS