ඇල්ජීරියාවේ ඔපෙක් සමුළුවට රුසියාවත්



ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවරදී මේ සතියේ පැවැත්වෙන ඔපෙක් සංවිධානයේ නිල නොවන සාකච්ඡාව මැදපෙරදිගට  වැදගත් සිදුවීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල මෙම හමුවට එහි සාමාජිකයකු නොවන රුසියාව ද සහභාගී වීමට නියමිතය. 

සෞදි අරාබියාව තෙල් නිමැවුම සීමා කීරීමට සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි ද ඉරානයත් එසේ කළහොත් ඔපෙක් නායකයන්ගේ හමුවේ දී නිෂ්පාදනය සීමා කිරීම ප්‍රධාන මාතෘකාවක් වනු ඇතැයි ද වාර්තා විය. 

කෙසේ වෙතත් මීට පැවැති සාකච්ඡාවලදී තෙල් නිෂ්පාදනය සීමා කිරීම සඳහා එකඟතාවකට පැමිණීමට ඛනිජ තෙල් අපනයන කරන රටවල නායකයෝ අසමත් වූහ. 


RECOMMEND POSTS