ඇමෙරිකාවේ පළමු හදවත් බද්ධය කළ වෛද්‍යවරයා අභාවප්‍රාප්ත වෙයි




 (රොයිටර්)
ඇමෙරිකාවේ පළමු සාර්ථක කෘත්‍රිම හදවත් බද්ධය සිදුකළ ඇමෙරිකානු වෛද්‍ය ඩෙන්ටොන් කූලී පසුගියදා මෙලොවින් සමුගත්තේය. මියයනවිට ඔහු 96 හැවිරිදි වියෙහි පසුවිය.
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව, වෛද්‍ය ඩෙන්ටොන් කූලී සැළකෙන්නේ ‘විස්කම් වෛද්‍යවරයකු’ ලෙසිනි. ඔහු සහ ඔහුගේ වෛද්‍ය කණ්ඩායම විවෘත හදවත් සැත්කම් 1,18,000 ක් සිදු කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
ටෙක්සාස් හෘද රෝහල පිහිටුවූයේත්, පෙරැළිකාර වෛද්‍ය සැත්කම් රැසක් සිදු කළේත් වෛද්‍ය ඩෙන්ටොන් කූලී යැයි පැවැසෙයි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් පවසා ඇත්තේ වෛද්‍ය කූලී කළ මෙහෙවර අති මහත් බවය.
කූලීගේ බිරිය පසුගිය ඔක්තෝබර් 21 ක් වැනිදා මෙලොවින් සමුගත්තාය. ඇගේ වයස අවුරුදු 92 ක් විය.


RECOMMEND POSTS