ඇමෙරිකාවේ කියුබානුවෝ වීදි බැස සැණකෙළි පවත්වති
(රොයිටර්)
ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය සැලවීමත් සමඟ ලොව බොහෝ දෙනා සොව පළ කරද්දී, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ මියාමි ප්‍රදේශයේ වෙසෙන ඇමෙරිකන් කියුබානුවෝ දහසකට වැඩි පිරිසක් වීදි බැස, සමාජවාදී කියුබානු නායකයාගේ අභාවය සමරමින් සැණකෙළි පැවැත්වූහ.
මියාමිහි වෙසෙන්නෝ ෆිදෙල් කස්ත්‍රෝගේ සමාජවාදී රජයේ උදහසට ලක් වී, කියුබාවෙන් පිටුවහල් වූ හෝ පිටුවහල් කළ පිරිස්ය. මොවුන් ඇමෙරිකන් පුරවැසි භාවය ලබා ජීවත් වන්නේ ‘ලිට්ල් හවානා’ (පුංචි හවානා) නමින් හැඳින්වෙන ප්රදේශයේය.
කියුබානු ධජ ඔසවසින් ප්‍රීති ඝෝෂා කරන්න වූ මෙම පිරිස ෆිදෙල් කස්ත්‍රෝ හැඳින්වූයේ කුරිරු පාලකයකු කියාය. කෙසේ නමුත් මොවුන් මෙලෙස ප්‍රීතිඝෝෂා පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ ඇමෙරිකානුවන්ගේ දෝෂදර්ශණයට හේතුවක් විය.
ඇතැම් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේ සතුටු වෙමින් වීදි බැස සැණකෙළි පැවැත්වූයේ ෆිදෙල් කස්ත්‍රෝ ගැන හෝ සමාජවාදය ගැන හෝ කිසිදු අවබෝධයක් නොමැතිව පිරිසක් බවය. එම පිරිස ‘මෝඩයන් රැළක්’ යැයි හඳුන්වා දීමට ද ඇමෙරිකන් පුවත් සේවා කටයුතු කර තිබුණි.