ඇමෙරිකාව කළ කැත වැඩක් වසර 13කට පසු හෙළිවෙයි
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ව්‍යාජ ත්රස්තවාදීන් නිර්මාණය කරමින් කළ අප්‍රසන්න ක්‍රියාවක් ගැන බ්‍රිතාන්‍යය මූලික කර ගත් ගවේෂණාත්මක මාධ්‍යවේදින්ගේ කාර්යාංශය විසින් 13 වසරකට පසු හෙළිකර ගැනීමට සමත්වී සිටිති.
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයයෙන් ඉරාකය මුදවා ගැනීමේ අරමුණින් 2003 වසරේදී ඇමෙරිකාව විසින් විශාල යුද ආක්‍රමණයක් ආරම්භ කළ අතර සිය යුද මෙහෙයුම් පවත්වා ගෙන යන අතරවාරයේදී ලෝක ප්‍රජාවගේ සහාය ලබාගැනීම සඳහා ව්‍යාජ වීඩියෝ පටයක් නිපදවා තිබෙන අතරම 2007 වසරේ සිට 2011 දක්වා කාලය තුළ ව්‍යාජ ත්‍රස්තවාදී ක්‍රියා ඇතුළත් වීඩියෝ පට නිපදවීම සඳහා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව බ්‍රිතාන්‍යයේ බෙල් පොටින්ජර් නැමැති ප්රචාරක ආයතනයට ස්ටර්ලින් පවුම් මිලියන 416 කට අධික මුදලක් ගෙවීමේ සිද්ධියක්ද මෙම ගවේෂණාත්මක මාධ්‍යවේදින්ගේ කාර්යාංශය විසින් හෙළිදරව් කර ගෙන ඇත.
බෙල් පොටින්ජර් නැමැති බ්‍රිතාන්‍ය සමාගම යනු එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන මාග්‍රට් තැචර්ගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු මෙහෙයවූ බෙල් ස්වාමිවරයා විසින් 1989දී පිහිටවූ සමාගමකි. අදාළ සමාගම විසින් මෙම ව්‍යාජ වීඩියෝ පට නිපදවා ඇත්තේ ඉරකයේ බැග්ඩෑඩයේ පිහිටි වික්ටරි නැමැති කදවුර තුළදී බවද වාර්තාවේ. 300 කින් යුතු සේවක පිරිසක් මෙම මෙහෙයුම් ක්‍රියාවලිය සදහා සහභාගී කරවා ගෙන ඇති අතර එය මනෝ වෛද්‍ය මෙහෙයුමක් වශයෙන් දියත් කර තිබේ.
එවකට ඉරාකය තුළ අරාබි බසින් හඩ කැවුණු මාලා නාටක ප්‍රචාරණය කෙරෙන අතරවාරයේදී මෙම වීඩියෝ පටය ප්‍රචාරය කරනු ලැබ ඇත.
මේ අතර 2010 වසරේදී ඇමරිකානු සී අයි ඒ සංවිධානයද ජිහාද් ත්රස්තවාදීන් පිළිබඳ ව්‍යාජ වීඩියෝ පට නිෂ්පාදනය කර ඇත. හිටපු ඇමරිකානු බුද්ධි නිලධාරියකුවූ ජෙස් ස්ටෙයින්ද මේ බව සනාථ කරමින් 2003 පැවැති ඉරාක යුද්ධයේදී සී අයි ඒ සංවිධානය අල්කයිදා නායක බින් ලාඩන් ගැන ව්‍යාජ වීඩියෝ පටයක් නිපදවා ඇතැයි කියා සිටියේය.
ඇමරිකාව මෙලෙස අතිවිශාල මුදලක් බ්‍රිතාන්‍ය ප්රචාරක ආයතනයට ගෙවා ඇත්තේ ලෝකයේ ළමුන් විශාල සංඛ්‍යාවක් සාගින්නෙන් පසුවන අවස්ථාවකදීය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකා ආරක්ෂක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෙළිදරව් කර සිටියේ බෙල් පොන්ටිජර් මෙහෙයුම හුදෙක්ම ඉරාක ජනතාව ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීම වෙනුවෙන් මිසක් අමෙරිකා ප්‍රචාරණ කටයුත්තක් හෝ මනෝ විද්‍ය මෙහෙයුමක් නොවන බවය.
කෙසේ වෙතත් මෙම ගවේෂණාත්මක හෙළිදරව්ව ඉරාකයේ පුවත්පත් හා අනෙකුත් මාධ්‍යවල විශාල පුවත් ශීර්ෂපාඨ මවන්නක් බවට පත්ව ඇත.
( තිළිණි ද සිල්වා )
බ්‍රිතාන්‍ය ඩේලිමේල් හා ද සන්ඩේ ටයිම්ස් පුවත්පත ඇසුරෙනි.