ඇමෙරිකා නාසා ආයතනයේ අඟහරු පෙරහුරුව අවසන්



 

 

නාසා ආයතනයේදීය (රොයිටර්)

අනාගතයේ දිනෙක අඟහරු හෙවත් ‘රතු ග්‍රහයා’ ට ගගනගාමීන් යැවීමේ ආපේක්ෂාවෙන් ඇමෙරිකාවට අයත් හවායි දූපතේ වසරක් තිස්සේ පැවැත්වුණු පෙරහුරුව පසුගිය 29 වැනිදා සාර්ථකව අවසන් විය.


මෙම පෙරහුරුව පැවැත් වූයේ හවායි දූපතේ ගිනි කඳු පිහිටි භූමියකය. මෙම භූමිය අඟහරු ග්‍රහයාගේ මතුපිටට පවතින පරිසර තත්ත්වයන් පෙන්නුම් කරනවා යැයි නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

නාසා ගගනගාමීයෝ හය දෙනෙක් වසරක කාලයක් මෙම භූමියේ විශේෂ කුටියක ජීවත් වූහ. මෙම කුටිය අඩි 36 ක වට ප්‍රමාණයකින් යුක්ත වන අතර උස අඩි 20 කි. ගගනගාමීන් අඟහරු මතුපිටට සුදුසු වන අයුරින් විශේෂ ගගන ඇඳුම් කට්ටලවලින් සැරැසී වසරක කාලය ගත කිරීම ද සුවිශේෂී සිද්ධියකි.


ඇමෙරිකාවේ නාසා ආයතනය පවසන පරිදි අභියෝග ජය ගනිමින් අඟහරු වෙත ගගනගාමියක-ු යැවීමට හැකි වනු ඇත්තේ වසර 2030 න් පසුවය. සඳට යෑම මෙන් නොව අඟහරු යෑම දීර්ඝ කාලයක් ගත වන අතර, එවැනි දීර්ඝ අභ්‍යවකාශ ගමනකට මිනිස් සිරුරු ඔරොත්තු දේවි ද නැද්ද යන්න ගැන පරීක්ෂණ තවමත් පැවැත් වෙයි.


RECOMMEND POSTS