ඇමෙරිකා තලේබාන් සාම කතා යළි ඇරැඹේ
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයේ සාම ක්‍රියාවලිය වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත සැල්මේ කලීසාද්ගේ මැදිහත් වීමෙන්, ඇමෙරිකන් නියෝජිතයන් සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර නව සාකච්ඡා වටයක් ආරම්භ විය.
සාකච්ඡා පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ දෝහා හි පිහුටුවා ඇති තලේබාන් සාම කාර්යාලයේදීය. කටාර් රාජ්‍යය ද සාම කතා සඳහා මැදහත්කරුයකු ලෙස කටයුතු කරයි.
මීට පෙර පසුගිය පෙබරවාරියේ සිට මාර්තු දක්වා දින 11 ක් තිස්සේ තලේබාන් නියෝජිතයන් සහ සැල්මේ කලීසාද් ප්රමුඛ ඇමෙරිකන් නියෝජිතයන් අතර සාකච්ඡා වට කීපයක් පැවැත්විණි.
මත ගැටුම් පැවැතියත්, සාකච්ඡා සාර්ථක වූ බව ඇමෙරිකාවත් තලේබාන් සංවිධානයත් පැවැසීය. මෙම සාකච්ඡා සඳහා ඇෆ්ගන් රජයේ නියෝජිතයන් සම්බන්ධ නොවේ.
තලේබාන් සංවිධානයේ එක් ඉල්ලීමක් වී ඇත්තේ ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරික් සොල්දාදුවන් ඉවත් කිරීමය. ඇමෙරිකාව මෙම ඉල්ලිමට එකඟත්වය පළ කර තිබේ.
මේ වනවිට ඇමෙරිකන් සොල්දාදුවෝ 14,000 ක බලඇණියක් ඇෆ්ගනිස්තානයේ සිටිති. මෙම පිරිස කරන්නේ, ආරක්ෂක උපදේශකයන් ලෙස ඇෆ්ගන් රජයට සහාය දීම පමණක් බව ඇමෙරිකාව අවධාරණය කර තිබේ.
වසර ගණනාවක් තිස්සේ ඔටුදුවා ඇති ඇෆ්ගන් අර්බුදයට ස්ථිරසාර සාම වැඩපිළිවෙළක් හඳුන්වා දීම ඇමෙරිකාවේ ප්‍රමුඛතාව වී ඇත. සාම කතා පැවැත්වෙන්නේ තලේබාන් සංවිධානයේ දේශපාලන අංශයේ නියෝජිතටන් සමඟය.
මේ අතර, ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර සාම කතා පැවැත්වෙද්දී, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානිගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා එරට ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් කාබුල්අගනුවර පැවැත්විණි.
ඒ, රටට සාමය උදා කිරීහේ ක්‍රියාවලිය සඳහාය.
ඇෆ්ගනිස්තානයේ මැති ඇමැතිවරුන්, විද්වතුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු බොහෝ දෙනෙක් ‘ලෝයා ජිග්රා’ යන නමින් හැඳින්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වූහ. ‘ලෝයා ජිග්රා’ වෙනුවෙන් කාබුල් නුවරට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණු බව ද වාර්තා වේ.
දෝහාහිදීය (රොයිටර්ස්)