ඇමෙරිකා-චීන නියෝජිතයෝ සාකච්ඡා පවත්වති
ඇමෙරිකාවත් චීනයත් අතර පවතින වෙළෙඳ යුද්ධය සමතයකට පත් කිරීමේ අරමුණින්, චීන රජයේ නියෝජිතයන් කණ්ඩායමක් ඇමෙරිකාවට පැමිණි ඇමෙරිකන් රජයේ නියෝජිතයන් හමුවී සාකච්චා පැවැත්වීය.
ඇමෙරිකාවේ රැකියා අවස්ථා උදුරා ගන්නවා යැයි ඇමෙරිකා ජනාධිපති චීනයට චෝදනා කරමින් තීරු බදු පනවා ඇත. චීනය පෙරළා ඇමෙරිකාවට තීරු බදු පනවා ඇත.
වෙළෙඳ යුද්ධයක් නිර්මාණය වී ඇත්තේ ඒ අනුවය. ඇමෙරිකාවත් චීනයත් අතර පවතින මෙම වෙළෙඳ යුද්ධය මුළු ලොවටම තර්ජනයක් වී තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)