ඇමෙරිකා එන්නැයි කිම්ට ඇරැයුමක්
උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ දෙරටට පොදු යුද මුක්ත කලාපයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදී, ඇමෙරිකාවේ සංචාරයක් සඳහා එන්නැයි ජනපති ට්‍රම්ප්, කිම් ජොන් උන්ට ඇරැයුම් කළේය.
උතුරු කොරියා නායකයා එම ඇරැයුම පිළිගත් බව වාර්තා වේ. මිනිත්තු 55 ක් පමණ කළ සාකච්ඡාවලින් පසු සාමය වෙනුවෙන් ස්ථිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් ට්‍රම්ප් සහ කිම් කැමැත්ත පළ කළහ.
කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට තමන් කැපවෙන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රතිඥා දුන් බව ද පැවැසෙයි.
(රොයිටර්ස්)