ඇමෙරිකන් හමුදාවට යුද අපරාධ චෝදනා



 

 

(රොයිටර්)
ඇෆ්ගන් සංග‍්‍රාමය අතරතුරේ ඇමෙරිකන් හමුදාව යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය පවසයි.
චෝදනා එල්ල වී ඇත්තේ ඇමෙරිකන් හමුදාල එරට සීගඅයිගඒග බුද්ධි අංශය ද සමඟ එක් වීල පුද්ගලයන් 61 දෙනකු දරුණු ලෙස වධ බන්ධනයට ලක් කළ බවටයග ඒල 2003 සහ 2004 කාලයේය.
ඊට අමතරව 2002 වසරේ සිට 2008 තෙක් කාලය තිස්සේ ඇමෙරිකන් සොල්දාදුවන් විසින් තවත් අපරාධ රැසක් සිදුකරනු ලැබ ඇති බවටත් පැමිණිලි ලැබී ඇතැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප‍්‍රධාන නීතිපති ෆටාවු බෙන්සවුඩා මාධ්‍ය හමුවේ පවසා ඇත.
ඇමෙරිකාව බි‍්‍රතාන්‍යය සහ සෙසු නේටෝ රටවල් ද හවුල් කර ගනිමින් ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළේ 2001 වසරේදීයග ඒල ඇෆ්ගනිස්තානයේ එවකට පැවැති තලේබාන් රජය අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට ආරක්ෂාව ලබා දුන් නිසාය.
ඇෆ්ගන් සංග‍්‍රාමයට සම්බන්ධව එහි මූලිකත්වය ගෙන කටයුතු කළ ඇමෙරිකාවට පමණක් නොවල තලේබාන් ත‍්‍රස්ත සංවිධානයටත්ල ඇමෙරිකාවේ සහාය ලැබ පිහිටුවූ ඇෆ්ගන් රජයටත් යුද අපරාධ කළේ යැයි චෝදනා එල්ල වී ඇති බව ද ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය පවසා ඇතග එවකට පැවැති ඇෆ්ගන් රජයේ ජනපතිවරයා ලෙස කටයුතු කළේ හමීඞ් කර්සායිය.

RECOMMEND POSTS