ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්ඃ මගීන් ඉවතට
ඇමරිකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඇතිවූ හදිසි හදිසි ගිනිගැනීමක් හේතුවෙන් එහි මගීන් වහාම ඉවත්කර ගන්නා ලදී.
චිකාගෝ සිට මියාමි දක්වා ගමන්කිරීමට නියමිතව තිබූ Flight 383 ගුවන් යානයේ සිටි මගීන් හදිසි ගින්නක් හේතුවෙන් ඕහාරේ ගුවන් පථය තුළදීම සිකුරාදා දින සවස එම ගුවන්යානයෙන් ඉවත්කරන ලදී.
මගීන් සිය ජංගම දුරකථන භාවිතා කරමින් මෙම සිද්ධිය රූපගත කොට ඇත.
මගින් ඉවක් බවක් නැතිව කෑගසමින් එහෙ මෙහෙ අත දුවන අන්දමත් තවත් සමහරුන් දෙවියන්ට යදිමින් එහෙමෙහෙ අත දිව යමින් සිටි අන්දමත් වීඩියෝ දර්ශන මගින් තහවුරු විය.
මේ අතර පෝට් ලොඩර්ඩැල් හොලිවුඩ් ගුවන්තොටු පොලේදී ෆේඩෙක්ස් කාගෝ ගුවන්යානයක්ද ගිනිගෙන ඇත, එයට හේතුව වී ඇත්තේ එම යානය ගොබැසීමෙන් ඉතා සුළු මොහොතකට පසු ගොඩ බැස්සවීමට යොදාගන්නා ගියරය කඩාවැටීම නිසා බව එන්.බි.සී මයාමි පුවත්සේවය දක්වා සිටියේය.
ලෝඩර්ඩැල් ගුවන්තොටුපොලේ ප්‍රකාශකයෙකු වන කැරි සන්ඩර් කියා සිටියේ ෆේඩෙක්කාගෝ ගුවන්යානය ගුවන්පථය මත පෙරලුන බවයි.
එහිදි වම් තටුව ගිනිගත් බව ෆේඩෙක්ස් නිළධාරීන් කියාසිටියේ. මෙම සිද්ධියෙන් ගුවන් නියමුවාට කිසිදු අනතුරක් සිදුවී නොමැත. මෙම ගුවන් යානාය මෙම්පිස් සිට පැමිණි එකකි..
සමාජජාල ඔස්සේ ප්‍රචාරය වූ විඩියෝ දර්ශන මගින් සනාථවුයේ මහා පිපිරුම් හඩක් සමග දුම් ගුවන් යානයෙන් පිටවූ බවයි.
මේ අතර ෆෙඩරල් ගුවන්සේවා පරිපාලන ප්‍රකාශක ටෝනි මොලිනරෝ කියා සිටියේ, ඇමරිකානු ගුවන් නියමුවා ගුවන්යානය ගුවන්ගත වීම නතරකර එහි මගීන් සියලු දෙනා ඉන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි. කිසිවෙතුටත් මින් තුවාල සිදුවී නොමැති බව ඔහු ප්‍රකාශ කර සිටියේය. එහෙත් WGN රූපවාහිනී සේවය වර්ථාකර සිටියේ පුද්ගලයන් කීපදෙනෙකුට මින් තුවාල සිදුවී ඇති බවයි.
නැගෙනු කළු දුමාරය අනුව බොයින් 767 ගුවන්යානයේ පසුපස කොටසට හානිවී ඇති බව පෙනේ. චිකාගෝ ගිනි නිවීම් ඒකකය වහාම ගින්න නිවීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලදී.
මෙම ගිනිගැනීමට හේතුව ඉන්ජිමේ ඇතිවු කාර්මික දේෂයක් බවත් මෙහි සිටි මගීන් 161 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9දෙනෙකු පර්යන්තය වෙත යැවූ බවත් ඇමරිකානු එයාර් සමාගමේ ප්රකාශකාවක වන ලෙස්ලි ස්කොට් මහත්මිය කියා සිටියාය.