ඇමෙරිකන් උප ජනපති මයික් පෙන්ස්ට ‘හූ’ කියලා
(රොයිටර්)
රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්, ජනපති ධුරයට සඳහා තේරෙද්දී, උප ජනාධිපති ලෙස තේරුණු එම පක්ෂයේ මයික් පෙන්ස්, පසුගිය 18 වැනිදා රාත්‍රියේ නිව්යෝක් නුවර රිචඩ් රොජර්ස් රඟහලේ වේදිකා නාට්‍යයක් නැරැඹීමට ගිය අතර, ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන් පිරිසක් ඔහුට හූ කී බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
මයික් පෙන්ස් ‘හැමිල්ටන්’ නමැති සංගීතමය වේදිකා නාට්‍යය බැලීමට ගොස් ඇත්තේ ඔහුට ලැබුණු විශේෂ ආරාධනාවකට අනුව යැයි පැවැසෙයි. නාට්‍යය අවසන් වෙද්දී, නාට්‍යයට සහභාගී වුණු නළුවෙකු වේදිකාවේ සිට පෙන්ස්ට ලිපියක් කියවීය.
‘ඇමෙරිකාව කියන්නේ විවිධ ආගමවලට විවිධ ජාතීන්ට අයත් ප්‍රෞඩ රාජ්‍යයක්. ඔබතුමන්ලාගේ රජය උත්සාහ ගන්නේ ඒක අවසන් කරන්නයි. ඔබලාගේ රජයෙන් හැමෝටම රැකවරණ ලැබෙන්නේ නැහැ.’ යනුවෙන් එම විරෝධතා ලිපියෙහි සඳහන් විය. පෙන්ස්ට හූ හඬ පැමිණෙන්න වූයේ ඉන්පසුවය.
හූ හඬ මැද කලබල නොවී, ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන මයික් පෙන්ස් සිහනමුසු මුහුණින් රඟහලෙන් පිටවී ගිය බව ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.