ඇතන්ස් නුවරට භූමි කම්පාවක්
ග්රීසියේ ඇතන්ස් අගනුවර ඊයේ (19) රික්ටර් පරිමාණයේ ඒකක 5.7 ක් සටහන් කළ භූමි කම්පාවකින් කැලඹී ගියේය.
ජීවිත හානි සිදු නොවුණත්, නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය.
භූමි කම්පාවෙන් පසු අතුරු භූමි කම්පා කීපයක් ද හටගත්තේය.
භූමි කම්පාව හටගත් අවස්ථාවේදී ඇතන්ස් නුවර වැසියන් මහත් සේ බියට පත්වුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
(රොයිටර්ස්)