ආසියා කථානායක සමුළුව මාලේ අගනුවරදී
දකුණු ආසියා රටවල කථානායකවරුන්ගේ සමුළුව ඊයේ (1) මාලදිවයිනේ මාලේ අගනුවරදී ආරම්භ විය.
දකුණු ආසියා රටවල කථානායකවරුන්ගේ සමුළුව මෙවර පැවැත්වෙන්නේ සිවුවැනිවරටය. ශ්රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ පාකිස්තානය නියෝජනය කරමින් කථානායකවරු සමුළුවට සහභාගී වෙති.
සමුළුව පැවැත්වෙන්නේ මාලදිවයින පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේය. මාලදිවයින පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘මජ්ලිස්’ මන්ත්රණ සභාව යනුවෙනි. වාර්ෂිකව පැවැත්වෙන කථානායකවරුන්ගේ දෙදින සමුළුවේදී ස්ථිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙයි.
මාලේහිදීය (ඒ.එෆ්.පී.)