අවසන් බි‍්‍රක්සිට් යෝජනාව



බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය අවසන් ‘බි‍්‍රක්සිට්’ යෝජනාව සකස් කර ඇති බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බවත් බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හැඳින්වෙන්නේ ‘බි‍්‍රක්සිට්’ යනුවෙනි. බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීමට ඇති කාලය දිනෙන් දින දිග්ගැස්සුණු අතර, එහි අවසන් දිනය වනු ඇත්තේ ලබන 31 වැනිදාය.

ඊට පෙර අගමැති ජොන්සන් සිය අවසන් යෝජනාව පාර්ලිමේතුවේදී සම්මත කරගත යුතුවෙයි. අගමැති ජොන්සන් උත්සාහ ගන්නේ ගිවිසුමක් ඇතිව හෝ නැතිව යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය ඉවත් කර ගැනීමටයි. ගිවිසුමකින් තොරව ඉවත්වීම බි‍්‍රතාන්‍යයට අවාසියකි.

බි‍්‍රතාන්‍ය අගමැති ධුරයට පත් වන්නේ පාලක පක්ෂයේ නායකයාය. ජොන්සන්ට පක්ෂ නායකත්වය හිමිවූයෙත් ඔහු අගමැති ධුරයට පත්වූයේත් බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීම සඳහාය. තමාගේ මෙම අවසන් බි‍්‍රක්සිට් යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත නොවුණොත්, බි‍්‍රතාන්‍යයට මහ මැතිවරණයකට යෑමට සිදුවේවි යැයි අගමැති ජොන්සන් පැහැදිලි කර තිබේ.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS