අලුතින් ළැව් ගිනි 3,859 ක්



ඇමසන් වැසි වනාන්තරය ආශ්‍රිත ඉඩම් එළිපෙහෙළි කිරීම සහ ගිනි තැබීම දින 60 ක කාලයකට තහනම් කිරීමට බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පියවරගෙන තිබියදී පවා බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ගතවුණු පැය 48 ක කාලයේ නව ළැව් ගිනි 3,859 ක් හටගෙන ඇතැයි බ්‍රසීල ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි.

බ්‍රසීල ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය මේ බව පවසා ඇත්තේ චන්ද්‍රිකා දසුන් උපයෝගී කර ගනිමිනි. ළැව් ගිනි පැතිරෙද්දී, ඒවා ගැන පළමුවෙන් අනාවරණය කළේ ද බ්‍රසීලයේ මෙම ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයයි.

ගත වුණු පැය 48 ඇතුළත හටගත් ළැව් ගිනි 3,859 න්, 2000 ක් ඇමසන් වනාන්තර මධ්‍යයේ හටගෙන ඇති බව ද චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනී යන බව ද මෙම ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

පෘථිවියේ ජීව නාළිය ලෙස සැලකෙන ඇමසන් වනාන්තරයේ මෙම ළැව් ගිනි පැතිර යන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.

සාඕ පාවුලෝ (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS