අභ්‍යවකාශය ජය ගන්න ඉන්දියාව සමත් වෙයි
පෘථිවියේ පහළ කක්ෂයේ ඇති චන්ද්‍රිකාවක් මිසයිල අත්හදා බැලීමකදී පුපුරුවා විනාශ කිරීමට හැකි වුණැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිවරණ රැළියකදී පැහැදිලි කළේය.
පෘථිවියේ පහළ කක්ෂයේ වස්තුවක් පහර දී විනාශ කිරීමට, ඉන්දියාවට හැකිවීම ඉන්දියාවේ ශක්තිය ලොවට පෙන්වීමක් යැයි ද අගමැති මෝදි වැඩි දුරටත් කියා සිටියේය.
ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් මාසයේ දී ආරම්භ වීමට නියමිත බවත් මාසයකට වැඩි කාලයක් එය පැවැත්වෙනු ඇති බවත් පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)