අප්‍රිකාවේ අලි ඇතුන් 500 කට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පිහිටවෙයි
(රොයිටර්)
පසුගිය දා අප්‍රිකාවේ මලාවි රාජ්‍යයේ කළ සංචාරයක් අතරතුරේ පරිසර හිතකාමියකු සහ සතුන් සුරැකීම වෙනුවෙන් ඉදිරිපත් වී සිටින ක්‍රියාකාරියකු ද වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ද මැදිහත් වී, අලි ඇතුන් 500 කට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත වනාන්තර ප්‍රදේශවලට යොමු කිරීමේ දැවැන්ත මෙහෙයුමකට සහාය දුන්නේය.
හැරී කුමරු මෙම කටයුත්තට දායක වූයේ මලායි වනජීවී නිලධාරීන්ට සහාය දක්වමිනි. ගම්වැසියන්ට අනතුරක් වුණු, දඬයම්කරුවන්ගෙන් තර්ජන එල්ල වුණු මෙම අලි ඇතුන් වන රක්ෂිත වෙත රැගෙන යෑම සිදු කළේ නිර්වින්දනය කිරීමෙන් යැයි ද පැවැසෙයි.