අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් ඉදිරියෙන්
දින තුනක් පුරාවට පැවැති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ඉදිරියට පැමිණ ඇතැයි වාර්තා වේ.
මැතිවරණයේ නිල ප්‍රතිඵල තවමත් නිකුත් වී නැති නමුත් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වී ඇතැයි පැවසෙන්නේ මධ්‍ය දක්ෂිණාංශික යුරෝපා ජනතා පක්ෂය සහ මධ්‍ය වාමාංශික ප්‍රගතශීලී සංධානයයි.
මෙම පක්ෂ දෙකට වැඩිම ආසන සංඛ්‍යාවක් හිමිවුණත්, පක්ෂ දෙකටම බහුතර බලයක් හිමි නොවනු ඇති බව පැවැසෙයි. ප්‍රංශයේත් ඉතාලියේත් හරිත පක්ෂ, ලිබරල් පක්ෂවලට මෙවර වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවී ඇති බව ද මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යන බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
යුරෝපා සංගමය රටවල් 29 කින් සමන්විතයි. යුරෝපා සංගමය යනු දේශපාලන ආර්ථික හවුලකි. යුරෝපා පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසුම දින 3 ක් තිස්සේ පැවැත්විණි. මෙවර සියයට 51 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ බව පැවැසෙයි.
දශක දෙකකට පසු වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාව මෙය යැයි යුරෝපා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයකදී වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළේ 1994 දීය. එම ප්‍රමාණය සියයට 56 කි.
බ්‍රසල්ස්හිදීය (රොයිටර්ස්)