2016 නොබෙල් සාහිත්‍ය සම්මානය බොබ් ඩිලාන්ට
(ඒ.එෆ්.පී/රොයිටර්)
“විශිෂ්ඨ ඇමෙරිකානු ගීත සම්ප්රදාය තුළ නව කාවම්යය ප්රකාශනයක” ඇති කිරීම වෙනුවෙන් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය 2016 ඇමෙරිකාවේ සංගීතඥ බොබ් ඩිලන්ට ලබාදීමට තීරණය කළ බව ස්වීඩන ඇකඩමිය ඊයේ (13) නිවේදනය කළේය.
පසුගිය කාලය පුරාවටම සංගීතඥයන් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා නිර්දේශ වුවද ඔවුන් එහි තීරණාත්මක තරගකරුවෝ නොවූහ.
බොබ් ඩිලන්ට නොබෙල් සාහිත්‍ය හිමිවන බව නිවේදනය කිරීමත් සමඟ ඒ බව නිවේදනය කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවට පැමිණ සිටි මාධ්‍යවේදීන් ද අත්පොළසන් නද දෙමින් ඊට සතුට පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
බොබ් ඩිලන්ට නොබෙල් සාහිත්‍ය පදක්කමට අමතරව ස්වීඩන ක්‍රොනෝර් මිලියන අටක (ඇමෙරිකානු ඩොලර් 906,000) ත්‍යාග මුදලක් ද හිමිවීමට නියමිතය.
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිවන්නේ කාටදැයි තෝරා ගනු ලබන්නේ ස්වීඩන ඇකඩමියේ සාමාජිකයන්ගේ 18 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකි.