2015දී සංක්‍රමණිකයන් ලක්ෂ 9ක් ජර්මනියට ඇවිත්



2015 වසරේදී අට ලක්ෂ අනූ දහසක් (890,000) දෙනා රැකවරණ පතා ජර්මනියට පැමිණි බව ජර්මනියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති තෝමස් ඩි මෙයිසියර් බර්ලින් නුවරදී මාධ්‍යවේදින් හමුවේ පැවසුවේය.

මෙම අනාථයන් සඳහා අත්‍යාවශ්‍ය  පියවර ගන්නා බව පැවසූ ඇමතිවරයා රජය විසින් කලින් පුකාශ කර තිබූ සංඛ්‍යාව වැරදි බවද කියා සිටියේය. ජර්මන් රජය මුලින් කියා සිටියේ රැකවරණ පතා ජර්මනියට ඇතුළු වූ සරණාගතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 11ක් වන බවය. එසේ වැරදීමට හේතුව ඇතැම් සංක්‍රමණිකයන් ස්ථාන කිහිපයකදී ලියා පදිංචි වී තිබිම බව පැවසූ ඇමතිවරයා ඇතැම් සංක්‍රමණිකයන් වෙනත් යුරෝපා රටවලට ගොස් ඇති බවත් කියා සිටියේය.

කෙසේ වෙතත් ජර්මනියට පැමිණෙන සරණාගතයන්ගේ සංඛ්‍යාව අඩු කිරිම සඳහා ජාත්‍යන්තර පියවර ගණනාවක් ගෙන තිබුණද 2016 වසරේ ආරම්භයේ සිට දෙලක්ෂ  දස දහසක් (210,000) දෙනා ජර්මනියට පැමිණ ඇත.


RECOMMEND POSTS