‘ෆේස් ඇප්’ ගැන පරීක්ෂණයක් කරන්න



සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට අතිශය ජනප්‍රිය වී ඇති ‘ෆේස් ඇප්’ මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශණයක් පැවැත්විය යුතු යැයි ඇමෙරිකන් සෙනෙට් සභික චක් ෂූමර් එෆ්.බී.අයි. කාර්යාංශයට ලිපියක් මගින් දන්වා ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

තරුණ තරුණියන් අතරේ මේ වනවිට අතිශය ජනප්‍රිය වී ඇති ‘ෆේස් ඇප්’ මෘදුකාංගය රුසියාවේ නිෂ්පාදනයකි. මෙම මෘදුකාංගහ හරහා, එය භාවිතයට ගන්නා පරිශීලකයන්ට ඔවුන්ගේ තරුණ පෙනුම මහලු පෙනුමකට වෙනස් කිරීම කළ හැකිය. තරුණ ඔබ මහලු වූ විට පෙනුම කෙසේදැයි දැක ගැනීමට මෙම මෘදුකාංගය උපකාරී වෙයි. මෘදුකාංගහ මෙය සිදු කරනු ලබන්නේ කෘත්‍රිම බුද්ධියක් ආධාරයෙනි.

මෙම මෘදුකාංගය භාවිත කිරීම හරහා සමාජ මාධ්‍ය පරිශීලනය කරන පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමට වෙනත් පාර්ශ්වයකට හැකියාව ඇති බවට බියක් නිර්මාණය වී ඇත. සෙනෙට් සභික චක් ෂූමර්, මෙම මෘදුකාංගය ගැන පරීක්ෂණයක් ඉල්ලා ඇත්තේ එහෙයිනි. චක් ෂූමර්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ සුළුතර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

සෙනෙට් සභික චක් ෂූමර් මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් ඇමෙරිකන් පාරිභෝගික ආරක්ෂක අධිකාරියට ද අනතුරු ඇඟවීමක් කර ඇති බව වාර්තා වේ. මෙම මෘදුකාංගය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි සෙනෙටර්වරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS