ෆොනී ඉන්දියාවෙන් බංග්ලාදේශයට
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තය කැලැඹූ ෆොනී සුළි කුණාටුව ඉන්දියාව පසුකරමින් බංග්ලාදේශය බලා ගමන් කරමින් ඇති බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඉන්දියාවට කඩා වැදුණු අවස්ථාවේ ෆොනී 16 දෙනෙකු බිලිගත් බව ද පැවැසෙයි. සුළි කුණාටුව හමා ආවේ පැයට කිලෝ මීටර් 200 ක වේයකිනි. දශක දෙකකට පසු ඉන්දියාවට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව මෙය යැයි පැවැසෙයි.
(අල් ජසීරා)