ෆ්රැන්සිස් පාප්තුමන්ට 80 යි
(රොයිටර්)
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්තුමෝ ඊයේ (17) අසූ වැනි වියට පා තැබුහ.
80 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් රෝමයේ යාචකයන් අට දෙනකු තෝරාගෙන ඔවුන් සමඟ උදෑසන ආහාරය භුක්ති විඳීමට ද පාප්තුමෝ අමතක නොකළාහ.
උදෑසන ආහාරයෙව් පසු ෆ්රැන්සිස් පාප්තුමෝ විශේෂ දේව මෙහෙයක් පැවැත්වූහ. එතුමන් කාදිනල්වරුන් 60 දෙනකු හමුවූයේ ඉන්පසුව යැයි වතිකානයෙන් වාර්තා වේ.
ලොව නන්දෙසින් 50,000 කට වැඩි පිරිසක් පාප්තුමන්ට සුබ පතුම්පත් සහ පණිවුඩ එවා තිබුණු බව වතිකාන පුවත් සේවා වාර්තා කර තිබේ. පාප්තුමන් අමතා සුබ පැතූ රාජ්ය නායකයන් අතර ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා පමණක් නොව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද සිටින බව වතිකාන පුවත් සේවා වැඩි දුරටත් සඳහන් කරයි.