හිටපු උප ජනපති ජෝ බයිඩන් ජනපතිවරණයට එයි
ඇමෙරිකාවේ හිටපු උප ජනපති ජෝ බයිඩන්, ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි වාර්තා විය.
ජෝ බයිඩන් පමණක් නොව, ඩිමොක්රටික් පක්ෂය වෙනුවෙන් 2020 වසරේ ජනපති ධුරය වෙනුවෙන් අපේක්ෂකයෝ 19 දෙනෙක් ඉදිරිපත් වී සිටිති. ජනපතිවරණයේ ප්රධාන ඩිමොක්රටික් අපේක්ෂකයා වනු ඇත්තේ මොවුන්ගෙන් එක් අයෙකි. බර්නි සැන්ඩර්ස්, කමලා හැරිස්, එලිසබත් වොරන් එම අපේක්ෂකයන් අතර සිටිති.
ජෝ බයිඩන් ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයකු වනු ඇති බවට පසුගිය කාලය පුරාවට රාවයක් පැවැතිණි. එය තහවුරු වූයේ ඊයේ (24) දිනයේය. රටේ සැබෑ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින්, තමන් අපේක්ෂකයකු ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන බව 76 හැවිරිදි ජෝ බයිඩන් පැවැසුවේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිණි.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)