හැරී කුමරුගේ පෙම තහවුරු වෙයි
(ඬේලිමේල්)
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ඇමෙරිකන් ටෙලි නිළි මේගාන් මාකෙල් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට පැතිර පවතින රාවය තහවුරු කරමින්, දෙදෙනා ලන්ඩන් නුවර ගිලුඩ් සිනමාහලේ චිත්‍රපටක් නැරැඹීමට යන අයුරු පැපොරාසි ඡායාරූපකරුවන්ගේ කැමරාවල සටහන් වී ඇත.
එම ඡායාරූප මේ වනවිට බ්‍රිතාන්‍ය පුවත්පත් සහ ඕපාදූප සඟරාවල ද පළ වෙමින් පවතී. 35 හැවිරිදි මෙගාන් ලන්ඩන් නුවරට පැමිණියේ මීට දින කිහිපයකට පෙරය. හැරී කුමරු සහ ඇය අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බව ඕපාදූප පුවත්පත් අනාවරණය කර තිබුණේ මීට මාස කිහිපයකට පෙරය. මෙගාන්, හැරී කුමරු සමඟ මෙසේ එකට සිටිනු දකින්න ලැබුණු පළමු අවස්ථාව මෙයයි.
මෙගාන් මෙවර නත්තල් නිවාඩුව ගත කරනු ඇත්තේ හැරී කුමරු සහ රජ පවුලේ සාමාජිකයන් සමඟ යැයි ද පුවත් පළ වී ඇත. කෙසේ නමුත් මේ ගැන හැරී කුමරු හෝ මෙලාන් හෝ බ්‍රිතාන්‍ය රජ මාලිගාව හෝ කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත.
ඇමෙරිකාවේ උපන් මෙගාන්, මේවනවිට ජීවත් වන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරය. හැරී කුමරු අවස්ථා ගණනාවකදී කැනඩාවේ ටොරොන්ටෝ නුවරට ගියේය. ඒ, මෙගාන් හමුවීමට යැයි ද පැවැසිණි. මෙගාන් බටහිර ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත්තේ ‘සූට්ස්’ නමැති ඇමෙරිකන් රූපවාහිනී කතා මාලාව හරහාය.
බ්‍රිතාන්‍ය ඕපාදූප පුවත් සේවා අනුව, ඇය සහ හැරී කුමරු දෙදෙනා හමුවී ඇත්තේ ඔවුන් දෙදෙනාගේම යෙහෙළියක මාර්ගයෙනි. ඒ, පසුගිය ජූනි මාසයේදීය. 32 හැවිරිදි හැරී කුමරු හමුදා සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසු සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වී සිටී. ආබාධිතයන්ගේ ‘ඉන්වික්ටස්’ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වූයේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරදීය. එම උලෙළට හැරී කුමරුන් ද සහභාගී වූයේ විශේෂ ආරාධිතයකු ලෙසය. එම අවස්ථාවට ද මෙගාන් එක්වුණැයි වාර්තා විය.