හමාස් සංවිධානයට එරෙහි සම්බාධක ඉවත් කළ යුතුයි




Europe Union

යුරෝපා සංගමය විසින් ‘බ්ලැක් ලිස්ට්’ කළ හමාස් සංවිධානය, වහාම එයින් ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු යැයි එම සංගමයේ ඉහළ පෙළේ නීතීඥවරයෙක් පවසයි.
නීතීඥ එලෙනෝර් ෂාර්ප්ස්ටන් වැඩි දුරටත් පවසා ඇත්තේ, පලස්තීන විමුක්ති අරගලයට දායක වන බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වන බවට හෝ හමාස් සංවිධානයට එරෙහිව ප්‍රබල සාක්ෂි ලැබී නොමැති බවය.
යුරෝපා සංගමය හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් මෙම පියවර ගත්තේ 2001 වසරේදීය. ඒ, ත්‍රස්තවාදය පිටුදැකීම සම්බන්ධයෙන් ඔවුන් විශේෂ පනතක් හඳුන්වා දුන් අවස්ථාවේ සිටය.
‘බ්ලැක් ලිස්ට්’ කර සම්බාධක පැනැවීමෙන් පසු, හමාස් සාමාජිකයන්ට ගුවන් ගමන්වල නියැළීමට නොහැකි විය. හමාස් සංවිධානයේ මූල්‍ය කටයුතු සියල්ල සම්බන්ධයෙන් ද සම්බාධක පැනැවිය.

 


RECOMMEND POSTS