සාර්ක් කල් යයි





ලබන නොවැම්බරයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත් වීමට නියමිත දකුණු ආසියානු රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘සාර්ක්’ සමුළුව කල් දැමීමට පාකිස්තාන රජය තීරණය කර තිබේ.
පාකිස්තානය මෙම තීරණය ගෙන ඇත්තේ, සමුළුව වර්ජනය කිරීමට ඉන්දියාව සහ තවත් සාමාජික රටවල් තුනක් තීරණය කිරීම නිසාය.
ඉන්දියාව සමුළුව වර්ජනය කිරීමට තීරණය කළේ, පාකිස්තානය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බව චෝදනා කරමිනි. කෙසේ නමුත් පාකිස්තානය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඉන්දියාව ගත් එම තීරණයට සහාය දක්වමින්, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ භූතානය ද සමුළුව වර්ජනය කිරීමට තීරණය කළේය.
එක් සාමාජිකයකු හෝ සමුළුවට සහභාගී වන්නේ නැතිනම් සමුළුව පැවැත්වීම ගැටලුවක් වෙයි. එහෙයින්, සමුළුව කල් දැමීමට සිදුවුණු බව පාකිස්තාන රජය වැඩි දුරටත් කියා සිටී.


RECOMMEND POSTS