සරම්ප එන්නත් ලබා ගන්නැයි ට්‍රම්ප් ඇමෙරිකානුවන්ට කියයි



පැතිර යන සරම්ප වසංගතය හේතුවෙන් වහාම සරම්ප එන්නත් ලබා ගන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකානුවන්ට දන්වා ඇත.

සරම්ප වසංගත තත්ත්වයක් වාර්තා වී ඇත්තේ නිව්යෝක්, වොෂින්ටන්, මිචිගන්, නිව් ජර්සි සහ කැලිෆෝනියා ජනපදවලය. මෙම ජනපදවල පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගෙන ඇත.

සෙසු ජනපදවලින් ද සරම්ප රෝගීන් හමුවී ඇති බව වාර්තා වේ. මේ වනවිට සරම්ප රෝගීන් 700 ක් සොයා හමුවී ඇති බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් මරණ කිසිවක් වාර්තා වී නැත.

සරම්ප වසංගත තත්ත්වය පළමුවෙන් වාර්තා වූයේ නිව්යෝක් නුවරිනි. එම අවස්ථාවේදී නිව්යෝක් බලධාරීන් අවධාරණය කළේ ලොකු කුඩා සැවොම සරම්ප එන්නත ලබා ගැනීම කළ යුතු බවය. කෙසේ නමුත්, සරම්ප එන්නත ලබා දී තිබුණු දරුවන් පමණක් නොව, වැඩිහිටියන් ද යළි සරම්ප එන්නත ලබා ගැනීමට පැමිණ නැති බව පැවැසෙයි.

ඔවුන්ට සරම්ප වැළඳී ඇති බවත්, එය වසංගත තත්ත්වයක් ලෙස දුරදිග ගියේ ඒ නිසා බවත් ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS