සමාජ ශාලාවක වහලය කඩා වැටේ
දකුණු කොරියාවේ රාත්රී සමාජ ශාලාවක වහලය කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර 17 දෙනෙක් තුවාල ලැබූහ.
අනතුර සිදුවුණු බව පැවැසෙන්නේ, දකුණු කොරියාවේ ග්වංජු නගරයේ පිහිටි රාත්රී සමාජ ශාලාවකය. මියගිය දෙදෙනා දකුණු කොරියානුවන්ය. තුවාල ලැබූ 17 දෙනා අතර විදේශිකයන් කීප දෙනෙකු සිටින බව ද පැවැසෙයි.
(රොයිටර්ස්)