වෙනිසියුලා විපක්ෂ නායකයාගේ උපදේශකයා අත්අඩංගුවට



වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝගේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන එඞ්ගර් සැම්බ්‍රානෝ වෙනිසියුලා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව එරට පුවත් සේවා වාර්තා කරයි.

එඞ්ගර් සැම්බ්‍රානෝ විපක්ෂය විසින් පාලනය කරනු ලබන ජාතික මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. එඞ්ගර් සැම්බ්‍රානෝ චෝදනා නගා ඇත්තේ වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ තමා නිහඬ කිරීමට උත්සාහ ගන්නා බවය.

මෙම සිදුවීමත් සමඟ වෙනිසියුලා විපක්ෂ නායක ගුඅයිඩෝ ඇමෙරිකාවට පවසා ඇත්තේ වෙනිසියුලා අර්බුදයට මැදිහත් වන ලෙසටය. වෙනිසියුලා විපක්ෂ සන්ධානය එක් වී, එරට අන්තර්වාර ජනාධිපති ලෙස නම් කර ඇත්තේ ද ගුඅයිඩෝය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය හිමිවන්නේ ගුඅයිඩෝටය.

වෙනිසියුලා ජනාධිපති මදුරෝට එරට හමුදාවේ සහාය නොඅඩුව හිමිවෙයි. විපක්ෂ නායක ගුඅයිඩෝ හමුදාව හවුල් කර ගනිමින්, ජනපති මදුරෝගේ රජය පෙරළා දැමීමට උත්සාහ කළ ද එම උත්සාහයන් අසාර්ථක විය.

කැරැකස්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS