විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් බි්රතාන්යයට
නැගෙනහිර ලන්ඩනයේ එසෙක්ස් ප්රාන්තයේ කන්ටේනර් ට්රක් රියෙන් හමුවුණේ, බි්රතාන්යයට නීතිවිරෝධී අයුරින් ඇතුළුවීමට උත්සාහ කළ චීන සංක්රමණිකයන් යැයි හඳුනා ගැනීමත් සමඟ චීන පොලිසියේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් මහා බි්රතාන්යය බලා පැමිණියහ.
බි්රතාන්ය පොලිසිය, චීන පොලිස් කණ්ඩායමේ පරීක්ෂකයන් ද සම්බන්ධ කර ගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කළ බව එරට පුවත් සේවා වාර්තා කර තිබුණි. කන්ටේනර් ට්රක් රියෙන් හමුවුණු මළසිරුරු ගණන 39 කි.
සංක්රමණිකයන් පිරිස කන්ටේනර් පෙට්ටියේ සිරවී සැඟවී වේල්සය හරහා බි්රතාන්යයේ ලන්ඩන් තෙක් පැමිණ ඇත්තේ බල්ගේරියාවේ සිට යැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය.
ට්රක් රියේ රියැදුරා 25 හැවිරිදි අයර්ලන්ත ජාතික තරුණයකු බවත් මොරිස් රොබින්සන් නමැති ඔහු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. ඔහු මිනිස් ජාවාරම් කල්ලියක සාමාජිකයකු යැයි සැක කෙරේ.
ලන්ඩනයේදීය (එන්.ඞී.ටීවී.)