විලියම් සහ කේට් දරුවන් සමග විනෝද වෙති




කැනඩාවේ සංචාරයක යෙදෙන බි්‍රතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඞ්ලිටන් කුමරිය, පෙරේදා (28) වික්ටෝරියා නුවර පැවැති පොඩි දරුවන්ගේ සාදයකට එක් වූයේ ඔවුන්ගේ පුතු ජෝර්ජ් කුමරු සහ කුඩා දියණිය චාර්ලොට් ද සමඟය.


එම සාදයට සහභාගී වූවෝ කැනඩා හමුදා නිලධාරීන්ගේ පවුල්වල අය සහ ඔවුන්ගේ කුඩා දූ දරුවෝය. සාදය පැවැත් වූයේ වික්ටෝරියා නුවර ආණ්ඩුකාරවරයාගේ නිල නිවස සහ ගෙවත්තේය.
විලියම් කුමරුන්ට සහ කේට් කුමරියට වඩා කාගේත් අවධානය දිනා ගත්තේ සම වයසේ පොඩිත්තන් සමඟ විනෝද වුණු ජෝර්ජ් කුමරු සහ චාර්ලොට් කුමරියයි. ජෝර්ජ් කුමරු කුඩා පොනියකු සමඟ විනෝද වුණු අතර, චාර්ලොට් කුමරිය විනෝද වූයේ සුදු පැහැ බලු සුරතලකු සමඟය.


RECOMMEND POSTS