විලියම් කේට් පවුල පිටින්ම කැනඩාවේ සංචාරයක
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන් කුමරිය ඊයේ (25) රාජකීය නිල සංචාරයක් සඳහා කැනඩාවට පැමිණියේ ඔවුන්ගේ පුතු ජෝර්ජ් කුමරු සහ මාස 16 ක් වයසැති දියණිය චාර්ලොට් කුමරිය ද සමඟය.
වික්ටෝරියා නුවරට පැමිණි බ්‍රිතාන්‍ය රාජකීයයන් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කටයුතු කළේය. මෙම අවස්ථාවට අගමැතිවරයාගේ බිරිය සෝෆී ද එක් වී සිටියාය.
ගුවන් යානයෙන් පිටතට පැමිණි විලියම් කුමරු සහ කේට් කුමරිය පිළිගැනීමෙන් පසු, පහත් වී දණ නමා ජෝඒජ් කුමරුට අතට අත දෙමින්, බි්රතාන්ය අගමැතිවරයා පවසා ඇත්තේ ‘ඔබතුමන් පිළිගන්න ලැබීම සතුටක්’ කියාය.
ජස්ටින් ටෘඩෝ අගමැති ධුරයට පත් වීමෙන් පසු විලියම් කේට් යුවල කැනඩාවට පැමිණි පළමු අවස්ථාව මෙය වෙයි. ජෝර්ජ කුමරු සහ චාර්ලට් කුමරිය ද කැනඩාවට පැමිණියේ පළමු වරටය.
ඊයේ දිනයේ රාජකීය යුවල වැන්කූවර් නගරයේ සංචාරය කිරීමට නියමිතව සිටියහ. අද (26) ඔවුහු බෙයාර් බෙයාර් වැසි වනාන්තරය නැරැඹීමට යෑමට නියමිතය. රාජකීයයන්ගේ රාජකීය සංචාරය අවසන් වනු ඇත්තේ ලබන ඔක්තෝබර් පළමු වැනිදාය.