වියට්නාම් රජයෙන් ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක්



උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට හැනොයි අගනුවරට පැමිණ සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට වියට්නාම රජයෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වියට්නාමයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. කිම් ජොන් උන් හමුවී, රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගීවීමට පෙර, වියට්නාම ජනාධිපති ගුයෙන් පූ ත්‍රෙන් සහ ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි.

එහිදී, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. වෙළෙඳ ගිවිසුම් කිහිපයකටත්, ගුවන් සේවා සම්බන්ධයෙන් ගිවිසුම් කිහිපයකටත් ඇමෙරිකාව සහ වියට්නාමය අතරේ අත්සන් තැබුණි.

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ වියට්නාම අගමැති ගුයෙන් සුවාන් අතරේ හමුවක් ඉන්පසු පැවැත්විණි. ඒ, හැනොයි අගනුවර රාජ්‍ය ශාලාවේදීය. ජනපති ට්‍රම්ප්, වියට්නාම් අගමැතිවරයා ද සමඟ හැනොයි නුවර වීදි සංචාරක යෙදුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හැනොයිහිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS